පතනෙමි නුඹව හැමවිට මා දකින්නට
නුඹෙ සිනහවෙන් සිත දුක් ගිනි නිවෙන්නට
දකිනා විටක නුඹ මගෙ ලඟ රැදෙන්නට
මා දෙස බලා සෙනහස මට කියන්නට
සිහිනෙන් පවා අවදිව නුඹ සොයන්නෙමී
විටකදි සතුටු වෙමි මොහොතක හඩන්නෙමී
ලඟ නැති විටක උව නිරතුරු දකින්නෙමී
සෙනහස නිමක් නැත නුඹ ගැන සිතන්නෙමී
සතුටක් කොහෙද නුඹ නැති හෙට දිනක මතූ
සෙනහස සොයමි අපගෙම වූ ලොවක සැදූ
නුඹ හැර කොතැන යන්නද මා තනිව සිතූ
මා ලඟ ඉන්න පතනෙමි සැම දිනම මතූ


